Slider-sample-1-1300x600.jpg
Heading layer
Photo0400.jpeg
IMG-20230109-WA0070.jpeg
IMG-20230109-WA0072.jpeg
IMG-20230109-WA0078.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 ආදර්ශ විද්‍යාලයෙන් ආදර්ශමත් දරුවෙක්

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු!

 

 

 

 

ගුණ, නැණ බෙලෙන් පිරිපුන් දරු පරපුරක අභිමානය දැයේ අපේක්ෂාවයි.එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමේ අපේක්ෂාවෙන් 2003 වසරේදී ආරම්භ කරන ලද මධ්‍යම පළාතේ රිකිල්ලගස්කඩ මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් දැයට තිළිණ කල කීර්තිමත් විදුහල් මාතාවකි. ඒ සෙවනේ ගුරුවරියක්, සහකාර විදුහල්පතිනියක්, නියෝජ්‍ය විදුහල්පතිනියක් වශයෙන් සේවය කර වර්තමානයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කිරීම මා හට අමිල සතුටකි, ආඩම්බරයකි,භාග්‍යකි.

 

  “  ආදර්ශ විද්‍යාලයෙන් ආදර්ශමත් දරුවෙක්   ” ලෙස  පාසල් දැක්ම පෙරටු කරගෙන ශිල්ප නැණින් ලොවට මිණිකැට තනන්නට පියනඟමින් සිටින මෙවන් යුගයක රිකිල්ලගස්කඩ ආදර්ශ විද්‍යාලය සියලු අංශ ඔස්සේ ඉදිරියට යා යුතුය. එම ගමනේදී දැනුම,කුසලතා , ආකල්පයන්ගේ යාවත්කාලීන වූ පිරිපුන් පුරවැසියන් දැයට දායද කිරීම අපගේ ඒකායන අධිෂ්ඨානයයි.

            නිදහස් අධ්‍යාපනයේ  උපරිම ඵල ලබා, නොදන්නා හෙට ලොව දැනුවත්ව දිනන්නට රිකිල්ලගස්කඩ ආදර්ශ විද්‍යාලයීය නාමය දසත බැබළනෙ මොහොතක අනාගතයේ පාසලේ කීර්ති නාමය ඉහළින්ම ඔසවා තැබීමට අවැසි ශක්තිය, ධෛර්යය , වාසනාව  ඔබ සියලු දෙනාට ලැබේවායි ! මම ප්‍රර්ථනා කරමි.

 

 

Read More

පාසලේ මෙහෙවර

පාසල සතු සම්පත්, මනා ලෙස කළමනාකරණය කරමින්, පාසල වෙත පියනගන දරුවා ගුණනැණ සපිරි, පූර්ණ පෞර්ෂයකින් යුතු දරුවෙකු කිරීමත්, පාසල අවට ප්‍රජාව වෙනුවෙන්, පාසලෙන් ඉටුවිය යුතු යුතුකම් හදුනාගෙන , ඒවා ඉටු කිරීමට වෙර දැරීමත්, මෙහෙවර කොට සලකමු.

Notice Board

පාස‍ලේ 20 වෙනි සංවත්සරය සැමරීම

Rikillagaskada Model Scool